Sir Arthur C. Clarke

ශ්‍රීමත් ආතර් සී ක්ලාක්

දියයට කිමිදීම විනෝදාංශයක් කරගත් දක්ෂ කිමිදුම්කරුවෙක් එංගලන්තයේ ජීවත් විය. ඔහු දියයට කිමිදීම සඳහා ඔස්ට්‍රෙලියාවේ මහා බාධක පරය වෙත “හිමාලයා” නම් නැවෙන් ගමන් ගත්තේ ය. ඒ අතර අහම්බෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඔහු ශ්‍රී ලංකා මාතාවගේ සුන්දරත්වයට වශී විය. එබැවින් තමන් උපන් එංගලන්තය අතහැර 1956දී ශ්‍රී ලංකාවේ පදිංචියට පැමිණියේ ය. ඉන්පසු 1975 දී ශ්‍රී ලංකාවේ ගෞරවනීය පුරවැසි භාවය ලබා 2008 මාර්තු 19 දින මිය යන තෙක් ම ශ්‍රී ලංකාවේ ජීවත් වූ ඔහු ශ්‍රීමත් ආතර් සී ක්ලාක් වන්නේය.

ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා හඳුන්වන්නේ චන්ද්‍රිකා තාක්ෂණයේ පියා ලෙස ය. ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමටත් පෙර 1945 වසරේදී “වයර්ලස් වර්ල්ඩ්” සඟරාව මඟින් “භූ ස්ථාවර චන්ද්‍රිකා” සංකල්පය ලෝකයට හඳුන්වා දුන්නේ ය. වර්තමානයේ මුළු ලෝකය ම තොරතුරු සන්නිවේදනය නිසා විශ්ව ග්‍රාමයක් බවට පත්වී ඇත්තේ ඔහුගේ ආරම්භය නිසා ය.

ඔහු විශ්වය පිළිබඳ අභිරහස් හෙළිකරන ග්‍රන්ථකරණයේ යෙදුණේ ය. ඔහු ලුප්හෝල, රෙස්කියු පාටි, ද සෙන්ටිනල්, 2001, 2010, නම් පොත් පළ කළේය. එසේම ඔහු ලංකාවේදී ද “ෆවුන්ටන්ස් ඔෆ් පැරඩයිස්” නම් කෘතිය පළ කළේය.

ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා ලොවට කළ සේවය අගයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. 1982දී යුනෙස්කෝව විසින් “කාලිංග” සම්මානයත්, 1998දී බ්‍රිතාන්‍ය මහ රැජන විසින් පිරිනැමූ “නයිට්” පදවියත් ඉන් ප්‍රධාන සම්මානයි. එසේම අප ඉහළම පුරවැසි සම්මානය වන “ශ්‍රී ලංකා අභිමාන්‍ය” සම්මානය ඔහුට 2005 වසරේදී පිරිනැමුවේ ය.

ඔහු විනෝදයට කළේ දැනුම සොයා යාමයි. ඔහුගේ චින්තනය සීමාවකින් තොරව මුළු විශ්වයේ කෙලවර තෙක්ම පැතිරවීය. කිත් පැසසුම් ලැබුවේය. සාර්ථක ජීවිතයක් ගත කළේය. එබැවින් ආතර් ශ්‍රී ක්ලාක් මහතා අපට ආදර්ශවත් චරිතයකි.

– වචන 218


තිබිය යුතු මුළු වචන සංඛ්‍යාව = 200
ලකුණු =14 න්


Sinhala essay :- Sir Arthur C. Clarke – Grade 8

Share this essay for others

No comments yet.

Leave a Reply

shares