Literature with life experience

Guidelines

This essay had no title. It had a description. You can see this description as blue color. Student should read the description carefully and generate a title for Compatible it. Followed sample essay has blue color sentences. You should understand what are they. In this way you can write a good Compatible essay for given description.

 

විස්තරය

සාහිත්‍යය වූ කලි ජීවිතයට අත්දැකීම් සම්භාරයක් ලබාදෙන මාධ්‍යයකි. මිනිසුන් සිතන පතන හා ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඉතා සියුම් ලෙස සාකච්ඡා කෙරෙන්නේ සාහිත්‍යය මගිනි. අපගේ ජීවිත හැඩගස්වා ගැනීමට සාහිත්‍ය නිර්මාණවලින් ලැබෙන පිටිවහල කොතෙක් දැයි සාකච්ඡා කරමින් රචනාවක් ලියන්න.

9 ශ්‍රේණිය සිංහල පෙළ පොත – 2018

ජීවිතයට අත්දැකීම් ලබාදෙන සාහිත්‍යය

ගසක් මල් පිපී පලබර වෙන්නට දිය සීරාවක් අවශ්‍ය වේ. ඒ වගේම මිනිස් ජීවිතය ගුණ සුවඳින් පෝෂණය වන්නට සාහිත්‍ය අනිවාර්ය වේ. සාහිත්‍යය වූ කලි ජීවිතයට අත්දැකීම් සම්භාරයක් ලබාදෙන මාධ්‍යයකි. එය ගද්‍යය හා පද්‍යය ලෙස දෙයාකාරයකින් හමුවේ.

සාහිත්‍ය මඟින් සිදුකරන්නේ මිනිසුන් සිතන පතන හා ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඉතා සියුම් ලෙස සොයාබලා අපූරැ ලෙස ඉදිරිපත් කිරීමයි. කෙටිකතා, නවකතා, කවි, ගීත සහ නාට්‍ය වැනි සාහිත්‍යාංගවලින් විවරණය කර තිබෙන්නේ ඒ මනුෂ්‍ය ජීවිතයයි. ලෝකයේ අඳුර පමණක් නැත. එසේම ආලෝකය පමණක් නැත. ලොවෙහි තිබෙන හොඳ පමණක් නොව අයහපත් පැත්ත ද, සාහිත්‍යය මගින් සියුම් ලෙස සොයාබලා රසවත් ලෙස ඉදිරිපත් කරයි.

අත්දැකීමක් යනු දුටු, ඇසූ හෝ කළ දේකින් ලැබූ අලුත් ඉගෙන ගැනීමකි. අත්දැකීම් වැඩි අය ඥානවන්තයෝ වෙති. නමුත් මේ ලෝකේ හැම දේම දකින්නට, අහන්නට, කරන්නට අපට අවකාශ නැත. ඒ අඩුව පුරවන්නේ සාහිත්‍යයයි. සාහිත්‍යය අප ඉදිරියට විශ්වීය අත්දැකීම් රැගෙන එයි. ඒ සාහිත්‍යය පරිශීලනය කරන්නෝ ඒ විශ්වීය අත්දැකීම් තමාගේ කරගනිති. අපගේ ජීවිත හැඩගස්වා ගැනීමට සාහිත්‍ය නිර්මාණවලින් ලැබෙන පිටිවහල කොතරම්දැයි කීමට වචන නොමැත.

සාහිත්‍යයෙන් ලබන දැනුම මිනිසා බුද්ධිමතෙකු කරයි. එයින් ලබන වින්දනය මිනිසා සංවේදී කෙනෙකු බවට පත් කරයි. සාහිත්‍ය පරිශීලනය කරන තැනැත්තා අංග සම්පූර්ණ පෞරුෂයක් ඇත්තෙක් වෙයි. ඔහු අභියෝග හමුවේ පලා නොයයි. ප්‍රශංසා සේම නින්දා අපහාස ද බලාපොරොත්තු වේ. ජයග්‍රහණය සේම පරාජය ද ජීවිතේ කොටසක් බව පිළිගනී.

සාහිත්‍ය මිනිසාට අත්‍යවශ්‍ය ය. සාහිත්‍ය පරිශීලනය නොකරන අය යන්ත්‍රයක් වැනි ය. එබැවින් කොතරම් අවිවේකී වුවත් කතන්දරයක්, කවියක් කියවීමට සහ ගීතයක් ඇසීමට කාලය වෙන්කර ගත යුතුය.

– වචන 220


තිබිය යුතු මුළු වචන සංඛ්‍යාව = 200
ලකුණු =14 න්


Sinhala essay :- Drug problem in Sri Lanka – Grade 10/11

Share this essay for others

,

8 Responses to Literature with life experience

  1. chethmi February 23, 2019 at 3:36 pm #

    igana ganna hoda

    • soooo March 4, 2019 at 12:29 pm #

      yes

  2. Wa¥ne D@riu$ March 1, 2019 at 10:16 am #

    Thank u for this we hope that our future will be bright

  3. Ushara indumini March 12, 2019 at 10:31 am #

    Spiral uwamana Wana essys e-sinhala haraha danaganna puluwan. “thank you very much” 👍

  4. Anonymous March 13, 2019 at 4:02 pm #

    Thanks. God work keep it continues doing

  5. Anonymous March 17, 2019 at 3:20 pm #

    Please sir pasala gana grade 11 rachanawak karanna.

  6. Anonymous March 20, 2019 at 2:18 pm #

    Thanks

  7. De mel March 20, 2019 at 2:26 pm #

    Thank you.very much!

Leave a Reply

shares