The beauty of the mountain environment  

කඳුකර පරිසරයේ සුන්දරත්වය

ශ්‍රී ලංකාව නම් මනරම් දිවයිනේ මැද පිහිටා ඇත්තේ සුන්දර කඳු පන්ති රාශියකි. දිවා කාලයේ පවා සීතල මීදුමෙන් වැසී යන පිදුරුතලාගල කන්ද, කදු මුදුන් නමයකින් සමන්විත නමුනුකුල කන්ද, නකල්ස් කඳු වැටිය හා කිරිගල්පොත්ත කන්ද වැනි යෝධ කඳු ඒ සඳහා උදාහරණයි.

ශ්‍රී ලංකාව සෞම්‍ය දේශගුණයක් ඇති රටකි. වර්ෂාව අඩුත් නැති වැඩිත් නැති වාසනාවන්ත රටකි. රට සරුසාර කරන ජල දහරාව උපදින්නේ රට මැද ඇති සුන්දර උස් කඳු මුදුන්වලයි. මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා එසේ උපදින ගංගාවලට උදාහරණයි. මේ ජලදහරා කඳු නැමැති කාන්තාවගේ ගෙලෙහි බැඳපු මුතු මාලයක් බඳු ය. කඳු මුදුන්වල සිට සුදු පාට පෙණ නංවමින් කඩා හැලෙන මේ දියදහරා මනස්කාන්ත ය. එමෙන් ම කඳුකර පරිසරය ඉතා සීතල ය. විටෙක මීදුමෙන් වැසී යයි. ස්වභාව සෞන්දර්යට ආදරය කරන අය නම් මේ කඳු තරණය කර සීතල දිය ස්නානය කර ගත සිත පුබුදුවා ගනිති.

ශ්‍රී ලංකාවේ කඳුකර පරිසරයේ සුන්දරත්වය විදෙස් රටවල ජනතාව අතර පවා ප්‍රසිද්ධ ය. එබැවින් ලෝකයේ බොහෝ රටවලින් සංචාරකයෝ ශ්‍රී ලංකාවට පැමිණෙති. උඩරට දුම්රියෙන් නුවරඑළිය, බදුල්ල, මාතලේ ආදී කඳුකරයට යන ඔවුහු කදුකර පරිසරයේ සුන්දරත්වයට වශී වී දින සති ගණන් එහි ම ගත කරති.

කඳු සුන්දර වන්නේ ඒ මත පිහිටි තුරුලතාවන් සහ ජල ධාරාවන් නිසා ය. කඳුකර පරිසරයේ සුන්දරත්වය ඉදිරි පරම්පරාවටත් දායාද කිරීමට නම් ගහකොළ සහ ජල දහරා සුරැකිය යුතුය. එබැවින් කඳුකර පරිසරයකට ගොස් මේ සුන්දරත්වය විඳීමට හා ඒවාට ආදරය කිරීමට අපි පුරුදු පුහුණූ වෙමු.

– වචන 210


තිබිය යුතු මුළු වචන සංඛ්‍යාව = 200
ලකුණු =14 න්


Sinhala essay :- Kadukara Parisaraye Sundarathwaya (The beauty of the mountain environment)- Grade 8

Share this essay for others

No comments yet.

Leave a Reply

shares