The social mission of Anagarika Dharmapala

අනගාරික ධර්මපාල තුමාගේ සමාජ මෙහෙවර

“බෞද්ධයිනි නැගිටිව් – බුද්ධගයාව බේරා ගනිව්” යන සටන් පාඨය ඇසෙත්ම කාගෙත් මතකයට නැගෙන උතුම් සත්පුරුෂයෙක් ජීවත් වූයේ ය. දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ළමා විය ගත කර, පසුව ධර්මපාල නමින් අනගාරික දිවියක් ගතකර, සිරි දේවමිත්ත ධර්මපාල හිමි නමින් පැවිදිවූ එතුමා අනගාරික ධර්මපාල තුමා ය.

අනගාරික ධර්මපාල තුමාගේ මෙහෙවර අතර විශේෂයෙන් කැපී පෙනෙන්නේ බෞද්ධාගම වෙනුවෙන් සිදු කළ උදාර සේවාවන් ය. ඕල්කට්තුමා සමඟ ලංකාව පුරා සංචාරය කළ එතුමා සිංහල ජාතියට හා බුදු දහමට​ සිදුව ඇති පරිහාණිය සියැසින් දුටුවේ ය​. ඒ අනුව ස්වකීය දිවිය ම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කරගෙන අනගාරික ජීවිතයකට අවතීර්ණ වී ක්‍රිස්තු වර්ෂ 1880 දී පමණ ලංකාවේ බෞද්ධ ආගමික අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු කරන ලදී. “සිංහල බෞද්ධයා” පත්‍රය ආරම්භ කිරීම මගින් මිනිසුන්ට කරුණු පහදා දී රට ජාතිය සමය වෙනුවෙන් කැපවීමට බල කරන ලදී.

ඕල්කට්තුමා පිහිටවූ පරම විඥානාර්ථ සමාගමේ බෞද්ධ අංශයේ මහ ලේකම් වූයේ අනගාරික ධර්මපාල තුමා ය. මෙමගින් බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් බෞද්ධ ඉංග්‍රීසි පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. එම කටයුතුවලට ද මහඟු සේවයක් ඉටු කරනු ලැබුවේ අනගාරික ධර්මපාල තුමාය. කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද වැනි බෞද්ධ පාසල් ආරම්භ වුයේ එහි ප්‍රතිපලයක් වශයෙනි.

මෙතුමා අමද්‍යප ව්‍යාපාරය ශක්තිමත් කළේය. ශ්‍රී ලාංකීය ජනයා සුරාවෙන් හා සුදූවෙන් බේරා ගැනීමට මහත් වෙහෙසක් දැරුවේය. ගමක් ගමක් ගානේ සංචාරය කරමින් සුරා සූදුවට ඇබ්බැහි වීම නිසා සිදුවන අනර්ථය ඔහු විසින් ජනතාවට පැහැදිලි කරන ලදී. මෙය මහගු සමාජ මෙහෙයක් විය.

ශ්‍රී ලංකා සමාජයට මහඟු මෙහෙයක් සිදුකළ අනගාරික ධර්මපාල තුමා සැමට ආදර්ශවත් චරිතයකි. ඔහු වැනි උතුම් පුද්ගලයකු අනුගමනය කර සමාජයට මෙහෙයක් සිදු කිරීම අප කාගේත් යුතුකමකි.

– වචන 240


තිබිය යුතු මුළු වචන සංඛ්‍යාව = 200
ලකුණු =14 න්


Sinhala essay :- The social mission of Anagarika Dharmapala (Anagarika Dharmapalatumage samaja mehewara)- Grade 9

Share this essay for others

,

One Response to The social mission of Anagarika Dharmapala

  1. kamal rajapakshe November 20, 2018 at 5:34 pm #

    good.
    thanks.
    keep it up

Leave a Reply

shares