Folk Poetry and Rural Life

ජන කවියෙන් හෙලිවන ගැමි ජීවිතය

ජනකවි වනාහි සියලුම සාහිත්‍ය අංගවලට වඩා අතීතයකට හිමිකම් කියන කලා මාධ්‍යකි. එය ලිඛිත සාහිත්‍යයක් නොවන අතර ජනයා අතින්ම ඉපදී ජනයා අතින්ම ආරක්ෂාවී පැවත එන අපූරු කලා මාධ්‍යයකි. බොහෝ විචාරකයන්ගේ පිළිගැනීම වන්නේ උගත් සාහිත්‍යයක්‌ බිහිවීමට පෙරාතුව ජනකවි පහළ වූ බවයි.

ගැමි දිවිය සමග අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවත්නා ගැමි කලාංගයකි ජන කවිය. අහිංසක ගැමියාගේ අදහස් ප්‍රකාශනය කිරීම සඳහා නැතිවම බැරි වූයේ ජන කවි වේ. මේ හේතුවෙන් ජන කවි යනු ගැමි ජීවිතයේ කැඩපතක් ලෙස හැදින්විය හැක.

ගැමියා ජන කවි ගයන ලද්දේ හුදෙක්‌ දිළිඳුකම, කය වෙහෙසීම, කටුක දිවිපෙවෙත, හේතුවෙන් ලැබූ දුක්‌පීඩා අමතක කරලනු පිණිස ය. ඒ අනුව ජන කවි ගැමි ජනයාගේ වෘත්තීන් පිළිබඳ වූ මහාවංශයකි. හේන් ගොවිතැනේ යෙදෙන ගැමියන් පැල් රැක්ක ආකාරයත්, ගැල් පුරවා ඈත ගම්දනව් කරා වෙළඳාමේ ගිය ආකාරයත්, ඔරැ කර්මාන්තය, පතල් කර්මාන්තය ආදී වෘත්තීන් පිළිබඳවත්, තොරතුරු මේ අතර වේ.

ගැමි ගෙදර උපතක්, විවාහයක්, මරණයක් යන මිනිස්‌ ජීවිතයේ ප්‍රධාන අවස්‌ථාවන් හෙළි කරන ජනකවි තුළින් ගැමිජන ජීවන යථාර්ථය පිළිබිඹු වෙයි. මෙවැනි අවස්ථාවල දී තමන්ගේ හදවතට දැනෙන සතුට, දුක, ප්‍රේමය, නෝක්කාඩුව ආදී හැගීම් ජන කවි මගින් නිරූපණය කරන්නට විය. එබැවින් ජන කවි පුද්ගලයාගේ සිතුවිලි රටාවන් හෙළිකරයි.

අතීත ගැමි ජනතාව බෞද්ධයෝ වූහ. ඔවුන් විසින් ඊට අමතරව දෙවිදේවතාවෝ අදහන ලදහ. අයියනායක, පත්තිනි, ගලේ බණ්‌ඩාර වැනි දෙවිවරු සම්බන්ධ ජනකවි රාශියක් ම ඇත. එම ජන කවිවලින් දැක්වෙන්නේ ගැමියාගේ දුක්කම්කටොළු සහ බලාපොරොත්තු පිළිබද දෙවියන්ට කීමය. මෙවැනි ජනකවි තුළින් ගැමියන්ගේ අහිංසකත්වය සහ අව්‍යාජත්වය හෙළිකරයි.

ජන කවි යනු අපගේ උරුමයකි. ජනකවි පරපුරෙන් පරපුරට නොනැසී පැවතුනේ ඒ වටිනාකම දන්නා උදාර පුද්ගලයන් නිසා ය. අප ද ජනකවි ඉදිරි පරම්පරාවට දායාද කිරීමට වෙහෙසිය යුතුය.

– වචන 238


තිබිය යුතු මුළු වචන සංඛ්‍යාව = 200
ලකුණු =14 න්


Sinhala essay :- Jana kawiyen heliwana gami jeewitaya (Folk Poetry)- Grade 9

Share this essay for others

9 Responses to Folk Poetry and Rural Life

  1. Sarada October 8, 2018 at 12:54 pm #

    Please add More more essays to Grade 9

    • Shirantha December 3, 2018 at 4:49 am #

      Thank you for your Comment. Please tell me the title, which you want.
      Good luck Sarada.

  2. jeson October 28, 2018 at 1:42 pm #

    good

  3. Hiruni January 16, 2019 at 6:33 pm #

    Sir ,I ‘m glad that atleast you know how much we struggle with sinhala.Your service thru this site is huge.I m hoping you would submit your next essay abt Media & how it should protect the public in their work

  4. Fathima March 15, 2019 at 12:37 pm #

    It’s a good improve for all students mashallah ☺☺☺💓💓

  5. Anonymous March 22, 2019 at 10:32 am #

    thanks a lot

  6. Minaga March 22, 2019 at 10:33 am #

    Thanks a lot

Leave a Reply

shares