Sinhala and Tamil New Year

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද

අවුරුදු නිවාඩුව උදාවීමත් සමඟම සිංහල දෙමළ ළමුන්ගේ සිත ප්‍රබෝධයෙන් පිනා යයි. ඒ ළඟ ළඟ එන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමේ සතුටිනි. කොවුලාගේ නාදය පරිසරය පුරා රැව්පිළිරැව් දෙද්දී ළඟ එන අලුත් අවුරුද්දට මිනිසා පමණක් නොව පරිසරය ද සූදානම් වේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අයත්වන්නේ සමාජයේ ජන කොට්ඨාශයක් ලෙස එම සමාජයට අනුගතව සමරනු ලබන උත්සවයක් ලෙස ය. සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද චාරිත්‍ර-වාරිත්‍රවලට මුල් තැනක් දෙන උත්සවයකි. නොනගතය යනු ජීවිතයට විශ්‍රාමය අවශ්‍ය බව මතක් කර දෙන චාරිත්‍රයකි. අලුත් අවුරුද්දේ අලුත් ඇඳුම් ඇඳීම, අලුත් මුට්ටියක කිරි බතක් ඉවීම ආදිය පිරිසිදු බව හා නැවුම් බව ප්‍රකට වන චාරිත්‍ර ය. මේ සියලුම චාරිත්‍ර තුළින් වැසියන්ගේ ජීවිතවලට ගෙන එන්නේ විචිත්‍රත්වය කි.

අලුත් අවුරුද්ද මානව සම්බන්ධතා වර්ධනය කිරීමට රුකුලක් වෙයි. අවුරුද්දට බුලත් දීමේ චාරිත්‍රය ඥාති මිත්‍රාදීන් අතර සුහදශීලී සම්බන්ධතාවය රැකගැනීමට පිටුවහල් වන්නකි. පුද්ගලයන් අතර සිදුවන තරහ අමනාපකම් අමතක කර එකමුතු කරන්නේ බුලත් දීම මගිනි. අවුරුදු ක්‍රීඩා තුළින් ද ගමේ මිනිසුන් අතර යහළු මිත්‍රකම් වර්ධනය වී එකමුතුකම ඇතිවෙයි. අවුරුදු උදාවත් සමඟ පැණි බේරෙන කැවුම්, අලුවා, කොකිස් ආදී රස කැවිලි පිඟානක් අතැති ව අසල්වැසියන්ගේ නිවසට ගොඩ වැදීමේ චාරිත්‍රය සුහදශීලී සම්බන්ධතාවය වර්ධනය කරවයි.

අලුත් අවුරුද්දට මුළු ගම ම සැණකෙළියක් බඳු ය. එරබදු ගස මලින් බරවී පරිසරය රක්ත වර්ණයෙන් සරසයි. ගස්වැල් පලබර වී සතුන්ව කඩිසර කරවයි. පසෙකින් රතිඤ්ඤා වෙඩි හඬ ය. තව අතකින් ක්‍රීඩා කරන ළමයින්ගෙ ඔල්වරසන් හඬ ය. අලුත් අවුරුදු අසිරිය විඳිමින් ගතකරන මේ සමය මිනිසුන්ගේ මනස පිරිසුදු කරයි.

– වචන 220


තිබිය යුතු මුළු වචන සංඛ්‍යාව = 200
ලකුණු =14 න්


Sinhala essay :- Sinhala saha demala aluth awrudda (Sinhala and Tamil New Year)- Grade 8

Share this essay for others

One Response to Sinhala and Tamil New Year

  1. LORENZO February 1, 2019 at 5:16 pm #

    mata meka mage scuole weda walata udawwak wuna
    thank you!!!

Leave a Reply

shares