My country is Sri Lanka

මගේ දේශය මට ලබාදුන් ත්‍යාගයයි

“පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය” ලෙසින් විරුදාවලිය ලත් මගේ මව්බිම ශ්‍රී ලංකාවයි. මා ඉපදුනු රටත්, ජීවත් වන රටත්, කෙදිනක හෝ මියෙන රටත් මේ ලක් දෙරණ වන්නේය. එය මා හට උරුම වූ අනගිභවනීය ත්‍යාගයක් ලෙස මම පිළිගනිමි.

ශ්‍රී ලංකාව නිවහල් රටකි. එහි ප්‍රෞඩත්වය ලෝව දසදිග ප්‍රචලිතය. අතීතයේ විසූ දුටුගැමුණු, මහසෙන්, මහා පරාක්‍රමබාහු වැනි රජවරුන් හෙළ දෙරණ ඉහලට එසවූවෝ වෙති. එසේම නිදහසේ පියා ලෙස හඳුන්වන ඩී. එස්. සේනානායක ද මේ පින් බිමේ පාලකයෝ වූහ. ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් හා අමෙරිකානු ජාතික හෙන්රි ඕල්කට්තුමන්ද මගේ රටේ නිවහල් භාවය වෙනුවෙන් සටන් කළ අය වෙති.

මගේ දේශය ස්වභාව සෞන්දර්ය අතින් මනරම් දිවයිනකි. රට වටා නිල් මැණික් කැට ඇල්ලූ සළුවක් වැනි සුන්දර මුහුදකි. රට මැද ඇත්තේ සීතල දිය දහරා කඩාවැටෙන කඳු පන්තියකි. ගහ කොළ වන සතුන් අඩුවක් නැති මේ දිවයිනේ ස්වභාව සෞන්දර්යයට බටහිර රටවල සංචාරකයෝ වශී වෙති.

මගේ දේශයේ ජනතාව විවිධ වෙති. ඔවුහු සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ලෙස විවිධ සංස්කෘතිවල ජීවත් වෙති. ඔවුහු විවිධ ආගම් අදහති. නමුත් ඔවුහු එකමුතුව සමාජයේ ජීවත් වෙති. බොහෝවිට එකමුතුව රැකිරක්ෂා කරති; මිතුදම් පවත්වති; ආවාහ විවාහ සිදු කර ගනිති. මේ නිසාම මගේ දේශයේ ජන සමාජය විචිත්‍රවත්ය.

මගේ දේශය මට ලබාදුන් ත්‍යාගයයි. මේ ත්‍යාගය මට ලබාදුන් මාගේ දෙමව්පියන්ට මම පින් දෙමි. මේ ත්‍යාගය ආරක්ෂාකර, ඔපමට්ටම් කර මාගේ දරුවන්ට ත්‍යාග කරදීමට මම අදිටන් කර ගනිමි.

– වචන 200


තිබිය යුතු වචන සංඛ්‍යාව = 150
ලකුණු =14 න්


Sinhala essay :- My country is Sri Lanka – Grade 7

Share this essay for others

, ,

No comments yet.

Leave a Reply

shares