Let’s reject alcohol

මත් උවදුර පිටු දකිමු

මත්ද්‍රව්‍ය ලෙස හඳුන්වන්නේ මිනිස් මනස දුර්වලතාවයකට භාජනය කළ හැකි ඕනෑම දෙයකට ය. මත්පැන්, මත්කුඩු, මත්පෙති, මත් දුම් ආදීය මත්ද්‍රව්‍ය සඳහා නිදසුන් වේ.

මත්ද්‍රව්‍ය වලින් සිදු කරන්නේ සැබෑ ලෝකය හා මනඃකල්පිත ලෝකය අතර තාවකාලික සම්බන්ධතාවක් ගොඩ නැංවීමයි. මත්පැන් පානය කළ විට ශරීරයෙන් ජීවත් වෙන්නේ සැබෑ ලෝකයේ වුවත් ඔහු සිය මනසින් ඉතාම සුන්දර ලෝකයක් මවාගෙන එහි ජීවත් වෙයි. මෙය සතුටක් ලෙස සලකන ඔහු ටිකින් ටික ඊට ඇබ්බැහි වෙයි. වර්තමාන සමාජයේ තරුණ පිරිස් අතර ක්‍රම ක්‍රමයෙන් පැතිර යන උවදුරක් ලෙස මෙය සැලකිය හැකිය.

මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මුලින් ම පිරිහෙන්නේ තමා ම ය. පරාභව සූත්‍රයට අනුව “සුරා ලොල් බව” පිරිහීමේ දොරටුවකි. මත්ද්‍රව්‍ය නිසා මනුෂ්‍යයා සෞඛ්‍ය අතින්ද ආර්ථික අතින් ද පිරිහී යයි. ඔහුගේ පවුලේ අසමගිය ඇති වේ. යහපත් මිතුරන් නැතිවී පාප මිත්‍රයන්ගේ ඇසුරට පත්වේ.

රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ තරුණියන් මනසින් ද සිරුරෙන් ද ශක්තිමත් විය යුතුය. මත් උවදුර හේතුවෙන් රටේ සමාජ සංවර්ධනය සහ ආර්ථික සංවර්ධනය අඩාල වේ. රට ජාත්‍යන්තර තලය දක්වා ඔසවා තැබීමට අවශ්‍ය ශක්තිය තරුණයන් තුළින් ඈත් කර දැමීමට මත්ද්‍රව්‍ය සමත් වී ඇත.

මෙම ගැටලුවෙන් රට ජාතිය බේරා ගැනීමට නම් පවුල පාසල ආගමික ස්ථානය සහ රජය ඒකාබද්ධව කටයුතු කළ යුතුය. තරුණ තරුණියන් රැකබලාගැනීම පවුලක යුතුකමකි. මතට ලොල් නොවන සේ නිසි අධ්‍යාපනයක් ලබාදීම පාසලේ වගකීමකි. පින්පව් පිළිබඳ ඉගැන්වීම ආගමික ස්ථානයේ යුතුකමකි. මත්ද්‍රව්‍ය සඳහා නව නීති සකසා ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමකි. මතින් තොර නිදහස් රටක් ඇති කර ගැනීමට අප සියලු දෙනා එක්ව කටයුතු කරමු.

– වචන 220


තිබිය යුතු මුළු වචන සංඛ්‍යාව = 200
ලකුණු =14 න්


Sinhala essay :- Let’s reject alcohol (math uwadura pitu dakimu)- Grade 8

Share this essay for others

3 Responses to Let’s reject alcohol

  1. hansi February 11, 2019 at 5:20 pm #

    Superb essay collection.can you please add new essay suitable for law entrance exam.

  2. Anonymous February 22, 2019 at 8:55 am #

    thank for you.
    sir mata fridayta rachana kihapayak denna

  3. Anonymous March 6, 2019 at 2:18 pm #

    This is very good esses

Leave a Reply

shares