Let’s find a solution for our food problem

අපේ ආහාර ප්‍රශ්නයට විසඳුම් සොයමු

“සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” සියලුම සත්ත්වයින් ආහාර නිසාම ජීවිතය රැක ගන්නා බව මෙම බෞද්ධ පාඨයේ අදහසයි. අපට ශක්තිය, වර්ධනය සහ නිරෝගීකම ලැබෙන්නේ ආහාර නිසා ය. මේ සඳහා මිනිසාට අවශ්‍ය ආහාර ප්‍රමාණවත් නොවීම හා ගුණාත්මක නොවීම ආහාර ප්‍රශ්නය ලෙස හැඳින්වේ. එසේම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ආහාර විශාල ප්‍රමාණයක් විනාශ කිරීම ද, ආහාර ප්‍රශ්නයක් ලෙස හැඳින්වේ.

ලෝකයේ මිනිස්සු විශාල ප්‍රමාණයක් බඩගින්නේ සිටිති. ලෝක ජනගහණයෙන් මිලියන දෙසීයකට ආසන්න පිරිසක් කුස ගින්නේ ජීවත් වන බව ලෝක ආහාර සංවිධානයේ වාර්තාවල සඳහන් වේ. ඉන් බොහෝ පිරිසක් ආහාර නොමැති කමින් මිය යති. ලෝකයේ මිනිසුන්ගේ ආහාර ප්‍රශ්නයට මූලික ම හේතුව දුගී බවයි.

ශ්‍රී ලංකාවේ බොහෝවිට ආහාර ප්‍රශ්නය ලෙස හඳුන්වනු ලබන්නේ ප්‍රමාණවත් පරිදි පෝෂදායී ආහාර නොමැති කමයි. අපේ රටේ 16% ක් මන්දපෝෂණයෙන් පෙළෙයි. මෙම ප්‍රශ්නයට මූලික හේතුව ද, දුගී බවයි. කොළඹ නාගරික ප්‍රදේශවලට වඩා ඈත ගම්බද ප්‍රදේශවල මෙම ගැටලුව උග්‍ර ය.

ආහාර ගැටළුවට ප්‍රධාන විසඳුම මිනිසුන්ව ආර්ථික වශයෙන් නගා සිටුවීමයි. ඒ සඳහා මිනිසුන්ට රැකිරක්ෂා ලබාදීම අත්‍යවශ්‍ය ය. එසේ නොමැති නම් ස්වයං රැකියාවක් හෝ කුඩා ව්‍යාපාරයක් කිරීම සඳහා රජයේ මඟපෙන්වීම සහ ආධාර ලබාදීම් අත්‍යාවශ්‍ය ය. ඒ කිසිවක් කිරීමට නොහැකි පිරිස් සඳහා වෙනත් රටවල සේම දීමනාවක් ලබාදීම රජයේ වගකීමකි.

අප රට කෘෂිකාර්මික රටක් ලෙස හැඳින්වේ. කෘෂිකාර්මික වශයෙන් ස්වයංපෝෂිත වීම මගින් බඩගින්න තුරන් කළ හැකි වන්නේ ය. එවිට අඩු මිලකට දුගී ජනතාව සඳහා ද ආහාර අඩුවක් නොමැතිව ලබාගත හැකි වන්නේ ය. එසේම රට වටා මහා මුහුදක් තිබුනද දුගී ජනයාට මුහුදු මාලු ආහාරයට එකතු කරගත නොහැක. ඒ ඒවායේ පවතින අධික මිල ගණන් හේතුවෙනි. ධීවර කර්මාන්තය සඳහා පවතින අධික වියදම එයට හේතුවයි. මේ අනුව ගොවියන්ට සහ ධීවරයන්ට සුදුසු වාසි ලබාදීමත්, ආධාර සහ බදු සහන ලබාදීමත්, ආහාර ප්‍රශ්නයට විසඳුමකි.

ඉවත දමන දඬුව වුවද දළු ලා වැඩෙන මේ බිමේ කිසිවකු ආහාර නොමැති කමින් පීඩනයට පත් නොවේවා! යන්න අපගේ ප්‍රාර්ථනාවයි.

– වචන 274


තිබිය යුතු මුළු වචන සංඛ්‍යාව = 200
ලකුණු =14 න්


Sinhala essay :- Let’s find a solution for our food problem (Ahara Prashnayata wisadum)- Grade 9

Share this essay for others

2 Responses to Let’s find a solution for our food problem

  1. Ushara indumini March 12, 2019 at 10:36 am #

    Good help for us. thank you very much 👍

  2. Raveen pasindu March 20, 2019 at 5:24 am #

    හොඳ රචනාවක්.බොහොම ස්තූතියි

Leave a Reply

shares