Hikkaduwe Sri Sumangala Thera

Guidance

This essay title is “Hikkaduwe Sri Sumangala Thera”. You must use correct information to write this kind of Biography based essays. Then Can you see stressed words patten (Green color) of this essay? Those Green color shows Subject and Verb in some of sentences. Please try to understand grammar patten of that particular sentences. Also this essay has some of beautiful Languages elements in vialot color. Try to use these Language applications for good essays.

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි

අතීතයේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වූ අඳුරු වහල් සමයක් විය. ඒ කාලයේ පරිහානියට පත්වෙමින් තිබුණු ආගමික හා සංස්කෘතික අංශයට නවමු ප්‍රබෝධයක් එක්කළ, දැය ම එකලු කළ මහා පහන් ටැඹ ලෙස විරුදාවලිය ලබන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි වන සේක.

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව හෙට්ටිගොඩ ග්‍රාමය උන්වහන්සේගේ උපත සිදු වූ පින් බිමයි. ඒ 1827 වසරේ දුරැතු මස 20 වන දින විය. පසුව උන්වහන්සේ වයස අවුරුදු 13 දී හික්කඩුවේ තොටගමුවේ රජ මහා විහාරයේ දී පැවිදි භාවයට පත් වූ සේක.

ශ්‍රී සුමංගල හිමි ශාස්ත්‍රිය අධ්‍යාපනයෙන් පරතෙරට පත් වූහ; සිංහල පමණක් නොව පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි පවා දැන, උගත්කමින් අද්විතීය වූහ. එබැවින් ශ්‍රී සුමංගල හිමි “ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය” යන නම්බු නාමයෙන් ද හඳුන්වන ලදහ. උන්වහන්සේගේ මැදිහත්වීමෙන් ආරම්භ වූ පංච මහා වාද වන බද්දේගම වාදය, උදම්විට වාදය, ගම්පොළ වාදය, පානදුරා වාදය, ඌරුගොඩවත්තේ වාදය ආදිය තුළින් උන්වහන්සේගේ පාණ්ඩිත්‍යය ලොව පුරා ප්‍රකට විය.

උන්වහන්සේ කළ සේවාවන් අතර සිංහල භාෂාවේ දියුනුවට කළ මෙහෙය අද්විතීය. කාව්‍යශේඛර සන්නසය, සිදත් සඟරා සන්නසය සහ පාලි මහාවංසය සිංහලට පරිවර්තනය උන්වහන්සේගේ ය. එසේම උන්වහන්සේගේ ශාස්ත්‍රිය රාවයට ලොව පුරා සිටින ධාර්මික නැණවත් පුද්ගලයෝ ලක් මව වෙත ඇදී ආහ. ඒ අතර කර්නල් ඕල්කට්තුමා විය. ඔහු සුමංගල නා හිමියන් වෙත පැමිණ බුදුදහම ඉගෙනගෙන ගත්තේ ය. පසුව ලාංකික සමාජයට ඉමහත් සේවාවක් සිදු කරන ලදී. උන්වහන්සේ මෙවැනි දෙස් විදෙස් උගතුන් සමඟ එක්වී බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමට මුල් වූහ.

සිංහල භාෂාව සහ බෞද්ධ දර්ශනය ඇතුළු මුළුමහත් හෙළ සංස්කෘතියේ ම පෝෂණයට රන් ආකරයක් බඳු වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි 1911 වසරේ අප්‍රේල් 29 දින අපවත් වූ සේක.

– වචන 225


තිබිය යුතු මුළු වචන සංඛ්‍යාව = 200
ලකුණු =14 න්


Sinhala essay :- Hikkaduwe Sri Sumangala Thera – Grade 8

Share this essay for others

, ,

No comments yet.

Leave a Reply

shares