GIVING MARKS TO ESSAYS

වැඩි ලකුණු ලැබෙන හොඳ රචනාවක් ලිවීමට ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් පිළිබඳව සිතිය යුතුය.

  1. රචනා ලිවීමේ හැකියාව වර්ධනය කරගැනීම
  2. රචනාවකට ලකුණු දෙන ආකාරය අවබෝධ කරගැනීම

මෙම ලිපිය මගින් බලාපොරොත්තු වන්නේ රචනාවකට ලකුණු දෙන ආකාරය ඉගැන්වීමයි.

රචනාවකට ලකුණු දෙන ආකාරය අවබෝධ කරගැනීම

6 සහ 7 ශ්‍රේණිවල සිසු සිසුවියන් රචනාවකට ලකුණු දෙන ආකාරය ගැන එතරම් සැලකිය යුතු නැත. නමුත් ඊට ඉහළ ශ්‍රේණිවල සිසු සිසුවියන් ලකුණු දෙන ආකාරය අවබෝධ කරගැනීම ඉතා වැදගත් වේ. 10,11,12 සහ 13 ශ්‍රේණිවල රචනාවට ලකුණු 25 ක් හිමිවේ. එම ලකුණු පහත පරිදි කොටස් තුනකට බෙදෙයි.

  1. සාරවත් භාවයට ලකුණු = 8.
    • අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී විස්තරයට අදාළව මාතෘකාවක් යොදා තිබීමට ලකුණු එකක් හිමි වෙයි. (උසස් පෙළ සඳහා මාතෘකා ලබාදෙයි)
    • නියම කර ඇති වචන ගණනට සමීප විය යුතුයි. සාමාන්‍ය පෙළ 250 , උසස් පෙළ  350 විය යුතුය.  වචන 10 පමණ  අඩු වැඩිවීම ගැටලුවක් නැත.
    • රචනාවේ සාර්ථක ලෙස කරුණු ඉදිරිපත් වී තිබිය යුතුයි.
  2. සංවිධානය නිර්මාණාත්මක භාවය හා ස්වාධීනත්වයට ලකුණු = 10.
    • අදහස් (කරුණු)තර්කානුකූලව ඉදිරිපත් කර තිබීම.
    • අලුත් අදහස් ඉදිරිපත් කිරීම
    • ව්‍යක්ත ලේඛන ව්‍යවහාරය (ඔබ ඉගෙනගත් බර වචන) භාවිත කිරීම
    • උපමා, රූපක, විශේෂ ආදී භාෂාවේ යෙදුම් භාවිතා කිරීම
  3. ශිල්පීය දක්ෂතාව සඳහා ලකුණු = 7.
    • නිවැරදි ව ඡේද වෙන්කර තිබීම
    • අත් අකුරු ලස්සන සහ පැහැදිලි වීම
    • උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවැරදි බව
    • අක්ෂර වින්‍යාසය (න,ණ,ල,ළ,ස,ශ,ෂ ආදිය)
    • වචන නිවැරදිව ඈත් කර තිබීම (පද බෙදීම)

මුළු ලකුණු (8+10+7) = 25