Drug problem in Sri Lanka

* පහත දැක්වෙන අ, ආ, ඉ, ඊ යන විස්තර අතුරින් එකක් තෝරාගෙන, වචන 250 කට නොඅඩු වන සේ රචනාවක් ලියන්න. ඒ සඳහා යෝග්‍ය මාතෘකාවක් ද යොදන්න.

 

විස්තරය

යටත් විජිත යුගයේ මෙරට ආරම්භ වූ මත්ද්‍රව්‍ය භාවිතය විවිධාකාරයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මිනිස් ජීවිත විනාශ කරන, සමස්ත ආර්ථික සැලැස්ම අබල දුබල කරන මත්ද්‍රව්‍ය කෙරෙහි තරුණ ජනතාව ඇබ්බැහිවිම ඛේදජනක ය. තරුණ ජවය හා කාලය රටේ සංවර්ධනයට යෙදිය යුතුව තිබියදී එය අපතේ යාම දියුණු වෙමින් පවතින ලංකාව වැනි රටකට දරාගත නොහැකි තත්වයකට පත්ව තිබේ. තරුණ ජනතාව මත්ද්‍රව්‍යවලට යොමු වීමට හේතු විමසා බලා ඔවුන් ඉන් ගලවා ගැනීමට කාලය දැන් උදා වී ඇත.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව – 11 ශ්‍රේණිය අනුමාන ප්‍රශ්න පත්‍රය – 2018

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය

මිනිසත් බවක් ලැබීම පෙර ආත්මයක කල මහා පින් කන්දක ප්‍රතිඵලයකි. ලෝක සත්වයන් අතර මනස උසස් ම සත්වයා මිනිසා ය. එවන් මිනිසාගේ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය වෙනස් කරන සියලුම දේ මත්ද්‍රව්‍ය ලෙස හැදින්විය හැකිය. මද්‍යසාර, දුම්කොල, ගංජා, හෙරොයින් සහ මත් එන්නත් ආදී සියල්ල ජීවිත වනසන මත්ද්‍රව්‍ය වන්නේය.

ශ්‍රී ලංකාව 1815 දී කන්ද උඩරට ගිවිසුම මගින් මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් විය. යටත් විජිත යුගයේ මෙරට ආරම්භ වූ මත්ද්‍රව්‍ය භාවිතය අද වන විට විවිධාකාරයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. නාගරික ප්‍රදේශවල ද ග්‍රාමීය ප්‍රදේශවල ද මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ වෙනසක් නැත. එසේම තරුණ මහලු වශයෙන් හෝ ගැහැනු පිරිමි වශයෙන් හෝ වෙනසක් නැත.

මෙයින් බරපතලම කාරණය තරුණ පරපුර මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි වීමයි.
ඔවුන් දිව්‍යලෝකයේ අමෘතය කියා රැවටී ඇත්තේ ජීවිත වනසන මත්ද්‍රව්‍යවලට ය. තරුණ පරපුරට බෝ නොවන රෝග වන හෘදයාබාධ සහ දියවැඩියා වැළදීමේ වැඩි වීමට ප්‍රධානතම හේතුව මත්ද්‍රව්‍ය වේ. රෝහල්වල ප්‍රතිකාර ලබන පුරුෂයින් ගෙන් 30% ක් මද්‍යසාර හා දුම්වැටි ආශ්‍රිත රෝගවලින් පෙලෙන බව රෝහල් සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දී තිබේ. තරුණ ජවය හා කාලය රටේ සංවර්ධනයට යෙදිය යුතුය. එසේ නමුත් තරුණ ජවය මත් රකුසාට බිලි වී අපතේ යාම දියුණු වෙමින් පවතින ලංකාව වැනි රටකට දරාගත නොහැකි තත්වයකට පත්ව තිබේ.

තරුණ ජනතාව මත්ද්‍රව්‍යවලට යොමු වීමට හේතු විමසා බලා ඔවුන් ඉන් ගලවා ගැනීමට කාලය දැන් උදා වී ඇත. මේ සදහා පාසල් අධ්‍යාපනය ඉතා වැදගත්ය. හරවත් අධ්‍යාපනයක් තුළින් මත්ද්‍රව්‍යවලට විරුද්ධ ආකල්ප ළමා කාලයේ සිටම ඇති කිරීම අධ්‍යාපනයට කළ හැකිය. එසේම රටේ නීති රීති දැඩි විය යුතු ය. නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමට සහ පාලනය කිරීමට අවංක උත්සාහයක් ගත යුතුය.

මතින් තොර හෙටක්, සංවර්ධිත රටක්, සුරක්ෂිත සමාජයක් බිහිකිරීමට නම් සියලු දෙනා අත්වැල් බැඳගෙන මත් රකුසා විනාශ කළ යුතුයි.

– වචන 259


තිබිය යුතු මුළු වචන සංඛ්‍යාව = 250
ලකුණු =25 න්


Sinhala essay :- Drug problem in Sri Lanka – Grade 10/11

Share this essay for others

,

6 Responses to Drug problem in Sri Lanka

  1. pasindu dilshan January 21, 2019 at 6:32 am #

    nice

    • Anonymous February 14, 2019 at 8:46 am #

      Fantastic essay

  2. Anonymous February 23, 2019 at 2:15 pm #

    Nice work! Thanks for helping us!

  3. Anonymous March 6, 2019 at 10:22 pm #

    Thank lot for this help to younger generation..

  4. Champika Silva March 6, 2019 at 10:56 pm #

    ☺nice we…..

  5. chamith rashmika March 17, 2019 at 12:09 pm #

    nice thanks teacher from your help ”

Leave a Reply

shares